සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී විවධ කටයුතු වල නිරත වූ දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වුණා.
මෙම සැකකරුවන් දස දෙනා වනෝද්‍යානය තුලදී අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමගින්. ඊට යොදන ඊයම් බෝල, වානේ කම්බි වලින් සෑදු මදු විසි අටක් නීති විරෝධි මාළු දැල් හා පිහි දෙකක් සැකකරුවන් පැමිණි අත්ට්‍රැක්ටර් තුනක් ද මෙසේ අත්අඩංගුවට ගැණුනා.
සැකකරුවන් හා අදාළ භාණ්ඩ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ.