ඓතිහාසික අවුකන පුද බිමේ පවිත්රතා හා නඩත්තු කටයුතු අද (10) සිට ක්රියාත්මක වන පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.
ඓතිහාසික අවුකන බුද්ධ ප්රතිමා වහන්සේ වැඩ සිටින පූජා භූමි බල ප්රදේශයේ නඩත්තු කටයුතු මෙසේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයකට අනුවයි. ජනාධිපතිතුමා එම පුදබිමේ සංචාරයක නිරත වූ අවස්ථාවේ එය නිසි පරිදි නඩත්තු නොවන බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ දැනුම් දී තිබුණා. ඒ අනුවයි මෙම කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර කිරීමට කටයුතු කෙරුණේ.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ ප්රධානත්වයෙන් පුද බිම ශුද්ධ පවිත්ර කිරීමේ කටයුතු අද ආරම්භ වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/EmHYl2xNzxQ”]