රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියන් පිරිසක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් එම විද්‍යාපීඨය තාවකාලිකව වසා දැමුණා.
රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියන් සියයකට ආසන්න පිරිසක් හදිසි උදරාබාදයකට ලක්වුණා. ආහාර විෂවීමකින් මෙම තත්ත්වය ඇති වූ බවයි විද්‍යාපීඨ නිලධාරීන් සදහන් කළේ.
ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් රෝගාතුර වූ සිසු සිසුවියන්ට විද්‍යාපීඨය තුලදීම ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළා.
ඉන් අනතුරුව සිසු සිසුවියන්ට නේවාසිකාගාරවලින් බැහැරව නිවෙස් කරා යන ලෙසයි විද්‍යාපීඨ බලධාරීන් උපදෙස් ලබාදුන්නේ.