ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 20 වෙනි ගුණානුස්මරණය අදට යෙද තිබෙනවා.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පිළිරුව අභියසදී ගුණානුස්මරණ උත්සවයක් පැවත්වුණා. මැතිණියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු වුණේ බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ අධ්යක්ෂ ජෙනරාල් සුනිල් දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙරට දේශපාලනයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ නායිකයක් මෙන්ම රට වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළ නායිකාවක ද වනවා.