fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ පොලිස් නිල ඇදුමකින් සැරසී වංචනික ක්‍රියා සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 11:21

පොලිස් බුද්ධි අංශ‍යේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ වංචාවල නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ පොලිස් නිල ඇදුමකින්  සැරසී  දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම පුද්ගලයා වංචනික ක්‍රියාවල නිතර ව ඇති බවයි හෙළි වී ඇත්තේ. අතිසුඛෝපභෝගී මෝටර් රථයක්ද මෙම පුද්ගලයා භාවිත කර ඇති අතර පොලීසිය එය අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. සැකකරු වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදංචිකරුවකු බවයි පොලීසිය සදහන් කළේ.

ව්‍යාජ ලෙස සකස් කළ පොලිස් හැදුනුම්පත හා තවත් ලිපිලේඛණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කුරුනෑගල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරන බවයි අපවාර්තාකරුවන් සදහන් කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්