fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වැනි සංවත්සරය අද – නිලධාරීන් 514කට සහ සෙසු නිලයන් 14140කට උසස්වීම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 11:29

ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වන සංවත්සරය යුද හමුදා මූලස්ථානයේදී අද (10) පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

යුද හමුදා සංවත්සරයට සමගාමීව නිලධාරීන් 514 දෙනෙකුට හා සෙසු නිලයන් දහහතර දහස් එකසිය හතළිහකට උසස් වීම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. අලුතින් මේජර් ජෙනරාල්වරුන් 12 දෙනෙකු සදහා පත්වීම් ලබා දීම ද අද (10) සිදුකෙරුණා.

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් යුද හමුදා සංවත්සරයට සමගාමී ලෙස සෑම වසරකදීම ක්‍රියාත්මක වූ ආගමික හා අනෙකුත් සැමරුම් මෙවර පැවැත්වීමට නොහැකි වුව ද පවතින තත්ත්වය සමනය වූ පසු එම සැමරුම් යළි පැවැත්වීමට කටයුතු කරන බවයි යුද හමුදාව සදහන් කළේ. 1949 වසරේ ඔක්තෝබර් 10 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය පළමු නිත්‍ය බලකාය පිහිටුවීම සිදු කළ අතර බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු මහතා පළමු යුද හමුදාපති බවට පත්වුණා.

ගෙවී ගිය වසර 71 ක කාලය තුළදී යුද හමුදාපතිවරුන් 23 දෙනෙකු මෙරට ආරක්‍ෂක හමුදාවට අණදීම් සිදුකර ඇති අතර මාතෘ භූමියේ ආරක්‍ෂාව උදෙසා සිය දිවි හිමියෙන් සුවිශාල කැප කිරීම් සමුදායක් ඉටුකර තිබෙනවා. සිය වීරෝදාර මෙහෙවර සමග  රෙජිමේන්තු 24 ක් සමග දිවයින පුරා විසිරී සිටින යුද හමුදාව රට වැසියන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්