fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද රාතී‍්‍රයේ සිට වැසි තත්වයේ වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 09:37

අද (10)  රාතී‍්‍රයේ සිට ඉදිරි දින කිහිපය තුළ වැසි හා සුළං තත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප‍්‍රකාශ කළේ.

පස්වරු දෙකේ සිට සඳුදා පස්වරු දෙක දක්වා තද සුළං සහ රළු මුහුදු ප‍්‍රදේශ පිළිබදව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.

මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ පිළිබදව වඩාත් සැලකිලිමත් වියයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2020 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්