බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හල හා සම්බන්ධ යම් අයෙකු නිරෝධායනයට පැමිණ නැතිනම් වහාම ඒ සඳහා යොමුවිය යුතු බවත් එසේ නොවන්නේ නම් දැඩි නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය අවධාරණය කරනවා.
එම කර්මාන්ත ශාලාවේ සේවය කර වතුකරයට පැමිණ සැඟව සිටි සේවිකාවක හා ඇගේ පවුලේ සාමාජිකයන් ඇතුලු පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කෙරුණා. යුද හමුදාව හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිදුකළ මෙහෙයුමකදී දික්ඔය පුලියාවත්ත පොන්සිවතුයායේ පහළ කොටසේ තම නිවසේ රැඳී සිටියදී මෙම සේවිකාව සොයා ගැනුණා. වතු නිවාස 13කට අයත් 69 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද කටයුතු කළ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.