fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2020 16:57

2020 වසරේ නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට හිමිව තිබෙනවා.

මෙවර නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට පිරි නමන බව නොවීජියා නොබෙල් කමිටුව අද නිවේදනය කළා. යුද හා සිවිල් ගැටුම් හේතුවෙන් අසරණ වූ මිලියන සියයක් පමණ ජනතාවගේ කුසගින්න නිවීම සඳහා එම සංවිධානය දරණ මහත් පරිශ්‍රමය හේතුවෙන් ඔවුන්ට මෙම ත්‍යාගය පිරි නැමීමට තීරණය කළ බව නොබෙල් කමිටුව සඳහන් කරනවා. ඒ සමඟ ඩොලර් මිලියන 1.1ක ත්‍යාග මුදලක් ද ලබා දීමට නියමිතයි. ලෝක ආහාර වැඩසටහන නොබෙල් සාම ත්‍යාගය හිමි කරගත් එකසිය එක්වන ජයග්‍රාහකයා ලෙසයි සැලකෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2020 16:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්