දකුණු කොරියාවේ මහල් 33කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක්
Related Articles
දකුණු කොරියාවේ මහල් 33 කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා.
සම්පූර්ණ ගොඩනැගිල්ලටම ගින්න පැතිරී ඇති බවයි ගිනි නිවීමේ අංශ සඳහන් කරන්නේ. මේ වන තෙක් ගින්න පාලනය කිරීමට ඔවුන් සමත් වී නැහැ. ගින්න හට ගැනීමත් සමඟම සිය ගණනක පිරිසක් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට සහන කණ්ඩායම් සමත් වුණා. කෙසේ වුවද විෂ දුම් ආග්‍රහණය වූ 80 ක පමණ පිරිසක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. එක් මහලක හටගත් ගින්න අධික සුළං හේතුවෙන් ව්‍යාප්ත වී තිබෙනවා. නිවාස 120 ක් හා වෙළෙඳසැල් එම ගොඩනැගිල්ලෙහි තිබූ බවයි බලධාරීන් පවසන්නේ.