ජාන තාක්ෂණය උපයෝගීකර ගනිමින් නිපදවූ තිරිගු පිටි භාවිතය අනුමත කළ ප්‍රථම රට බවට ආජන්ටිනාව පත්ව තිබෙනවා.
බයෝ තාක්ෂණය උපයෝගී කරගනිමිනුයි බ්‍රසීලය මෙම තිරිගු පිටි නිශ්පාදනය කර ඇත්තේ. ආජන්ටිනාව හැර වෙනත් කිසිඳු රටක් මේ වන තෙක් ජාන තාක්ෂණය උපයෝගී කරගෙන නිෂ්පාදනය කෙරෙන තිරිගු පිටි භාවිතයට අනුමැතිය ලබා දී නැහැ. දිනෙන් දින වෙනස් වන තාක්ෂණය හා නව අභියෝග සඳහා මුහුණ දීමට තම රට නව තිරිගු පිටි ආනයනයට අවසර ලබා දුන් බවයි ආජන්ටිනාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. බයෝ තාක්ෂණය උපයෝගී කරගෙන නිශ්පාදනය කෙරෙන තිරිගු බීජ යොදා ගනිමින් සිදු කෙරෙන වගාවන්ට දැඩි නියගයකට වුවද මුහුණ දීමේ හැකියාව පවතිනවා. එහි අස්වැන්න අඩු වීමක්ද සිදු නොවන බවයි පරික්ෂණ කණ්ඩායම් සඳහන් කරන්නේ.