ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලබාගැනීමට නම් අදාළ සාමාජිකයාගේ සහකාරිය හෝ සහකරු ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරික්ෂණයෙන් සමත්වීම අත්‍යවශ්‍ය බව එරට රජය පවසනවා.
විදෙස් සංක්‍රමණිකයන් සඳහා වූ මෙම නීතිය ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිත් කිරීමට නියමිතයි. 2021 වර්ෂයේ සිට එම නීතිය බලපැවැත්වෙන බවයි ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ. නව නීතිය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සියලු පාර්ශ්වයන්ට අදාළ වනවා. මේ වන විට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම ඉතාමත් අඩු සංක්‍රමණිකයන් මිලියනයක් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. භාෂා ප්‍රවීණතාව සපුරා නොමැතිවීම හේතුවෙන් සිය සේවා දායකත්වය ලබාදීමට බොහෝ පිරිසකට නොහැකි වී තිබෙනවා.