රසායන විද්‍යාව සදහා වූ 2020 වසරේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනෙකුට පිරිනැමුණා.
මෙවර විශේෂත්වය වන්නේ එය කාන්තාවන් දෙදෙනෙකුට හිමිකර ගෙන තිබීමයි. ප්‍රංශ ජාතික එම්මානුවෙල් චාර්පෙන්ටියර් සහ ඇමෙරිකා ජාතික ජෙනිෆර් ඩවුඩ්නා එම විද්‍යාඥවරියන් දෙදෙනායි. සතුන් ශාක සහ ක්ෂුද්‍රජීවින්ගේ ඩීඑන්ඒ සංස්කරණය කිරීම සදහා අවශ්‍ය මෙවලම් ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම ත්‍යාගය පිරිනමා තිබෙනවා. ඔවුන්ගේ මෙම සොයා ගැනීම් පිළිකා ප්‍රතිකාර සදහා පාරම්පරික රෝග සුව කිරීම ඇතුළු ජිව රසායන විද්‍යා ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් කතුරක් ලෙස විද්‍යාඥයින් හදුන් වනවා.