කිර්ගිස්ථාන අග්රාමාත්ය කුබාට් බෙක් බොරොනෝප් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව විරෝධතා උත්සන්න වීම හේතුවෙන් තමා ඉල්ලා අස් වන බව අග්රාමාත්යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. කිර්ගිස්ථානයේ පාර්ලිමේන්තු මැතිවරණය දූෂිත බව පවසමින් විපක්ෂ විරෝධතා කරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිමින් කලහකාරී ලෙස කටයුතු කළා. විරෝධතා කරුවන් සහ පොලීසිය අතර ගැටුම් උත්සන්න වීමත් සමග හයසීයකට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. පසුගිය ඉරිදා පැවැත්වූ මහ මැතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීමේ දී සිදුවූ අක්රමිකතා හේතුවෙන් විරෝධතා ආරම්භ වුණා.