පිළිගත් සහතිකයක් ඇති ශ්‍රමිකයන් විදෙස් රැකියා සඳහා යොමු කිරිමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වාදුන්නා. ඉන් රටට මෙන්ම ශ්‍රමිකයන්ටද ඉහළ ප්රතිලාභ අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරිමත් ඊට අයත්.
පුහුණු ශ්‍රමිකයන් සඳහා ලෝක රැකියා වෙළදපලේ ඉහළ ඉල්ලුමක් පවතින බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. ඒ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් පැවති සාකච්ජාවේදී. කොරියාව , ජපානය වැනි රටවල රැකියා වෙළදපළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරිම මූලික අවශ්‍යතාවක්. ඒ සදහා ඒකාබද්ධ සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිතුමා නිළධාරින්ට උපදෙස් ලබාදුන්නා.
උපාධිධාරින් සඳහා ඇති විදේශ රැකියා අවස්ථා හදුනාගැනීමත් මූලික් අවශ්‍යතාවක්. මේ දක්වා ඒ පිලිබද නිසි අවධානය යොමු වී නැහැ. කලා උපාධිධාරින්ටද මෙම අවස්ථා හිමිකරගත හැකි බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කළේ.
රැකියා ගිවිසුම් අහිමි වුවද කොවිඩ් නයින්ටීන් හේතුවෙන් ඇතැම් පිරිස් වලට සිය රටට පැමිණීමට නොහැකි තත්වයක් පවතිනවා. එවැනි ශ්‍රමිකයන්ගේ රැකියා ගිවිසුම් දීර්ඝ කිරිමට අදාල ආයතන සහ අංශ සමඟ සාකච්ජාකරන ලෙසත් ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්නා.