fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියා අගමැති නිරෝධායනයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2020 16:17

මැලේසියා අග්‍රාමාත්‍ය මොහයිදීන් යාසින් මහතා නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ එරට රජයේ අමාත්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමගයි.

හැත්තෑ තුන් හැවිරිදි මැලේසියා අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ කොරෝනා ආසාදනය වූ අමාත්‍යවරයා සමග පසුගිය සෙනසුරාදා තමන් සාකච්ඡාවකට එක් වූ බවයි. සුල්කිෆ්ලි මෙහොමඩ් අල් බක්රි නමැති අමාත්‍යවරයාටයි කොරෝනා වෛරසය වැළදී ඇත්තේ. ඔහු කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ තහවුරු කෙරුණා. කෙසේ වෙතත් මැලේසියා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් පෙනී ගියේ ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වී නොමැති බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා දින 14 ක කාලයක් නිරෝධානය කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2020 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්