රට තුළ පැනනගිමින් තිබු ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කළහොත් මුස්ලිම් මැතිඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්විය හැකි යැයි බිය වු බැවින් එම අන්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ මෙම ප්‍රහාර වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය බවයි.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2019 අප්‍රේල් 08 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරී රැස්වීමට එවකට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා සහභාගී වුයේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ එදින පැවති රැස්වීමට එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්යක්ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතා සහභාගී වු බවයි. එම රැස්වීමේදි ඒ වන විට නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබු ප්‍රහාරයක් පිළිබද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර පිළිබද ජනාධිපතිවරයා වන ඔබ දැනුවත් කළේදැයි නැගූ ප්‍රශ්නයට සිරිසේන මහතා පිළිතුරු දුන්නේ නැත යන්නයි.
ප්රශ්නය – ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින මෙරටට ත්‍රස්තවාදි ප්‍රහාර මාලාවක් එල්ල වු බව එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ඔබ දැනුවත් කළේද.
පිළිතුර – විදෙස්ගතව සිටි තමන්ට මෙරටට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වු බව පළමුව දැනුවත් කරන ලද්දේ තම ආරක්ෂක අංශයේ ප්‍රධානියා වන අතර තමන් ඒ පිළිබද සමාජ ජාලා තුළින් දැනුවත් වුණා. එම අවස්ථාවේදීම එවකට ජනාධිපති ලේකම්වරයා වු උදය සෙනවිරත්න මහතා තමන් අමතා සිදුවීම පිළිබද දැනුවත් කළා. ඉන්පසු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන් අමතා “සර්, පිපිරීම් කිහිපයක් සිද්ධ වුණා. තවවෙයිද දන්නේ නැහැ. මම මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරිටයි, පොලිස්පති පූජිත්ටයි කලින් කියලා තිබ්බේ. අවශ්‍ය පියවර ගත්තේ නැහැ” යනුවෙන් පැවසුවා.
ප්රශ්නය – “හැමෝටම කිව්වා. ඇයි මට නොකිව්වේ ” යනුවෙන් ජනාධිපතිවරයා ලෙස ඔබ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයාගෙන් විමසුවේ නැද්ද.
පිළිතුර – තමන් ඒ පිළිබද ජයවර්ධන මහතාගෙන් විමසු අතර එවිට ජයවර්ධන මහතා ” පියවර ගත හැකි අයටයි දැනුම් දුන්නේ. සර්ට මම ඊයේ ගන්න හැදුවා. නමුත් සම්බන්ධ කරගන්න ලැබුනේ නැහැ ” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නා.
ප්රශ්නය – “ඔබ විදෙස් ගතව සිටියදි මෙරට නිලධාරින්ට පහසුවෙන් ඔබ සම්බන්ධ කරගැනීමට හැකිද.”
පිළිතුර – තමන් විදෙස් ගතව සිටියද මෙරට නිලධාරීන්ට තමන් සම්බන්ධ කරගැනීමට කිසිදු බාධාවක් තිබුණේ නෑ.
ප්රශ්නය – රාජ්‍ය බුද්ධි සේවය පැවතියේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබ යටතේ නොවේද.
පිළිතුර – ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමන් යටතේ රාජ්‍ය බුද්ධි සේවය පැවතියද එහි අධීක්ෂණය නිලධාරියා ලෙස කටයුතු කරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයායි.
ප්රශ්නය – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පියපුතු සම්බන්ධතාවයකටත් එහා ගිය සම්බන්ධතාවයක් පැවතියේ යැයි කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් ඔබ එය පිළිගන්නේද.
පිළිතුර – “පියපුතු සම්බන්ධතාව තිබුනේ මායි, හේමසිරියි අතරේ. ඒකයි ආරක්ෂක ලේකම් තනතුර දුන්නේ. ආරක්ෂක ලේකම් කියන්නේ ත්‍රිවිඩ හමුදාපතිවරු ආචාර කරනවා, හෙළිකොප්ටරේ යන්න පුළුවන්. අසීමිත වරප්‍රසාද තියෙනවා. අනික හේමසිරිට රාජ්‍ය ආයතන රැසක ප්‍රධාන තනතුරු දීලා තිබුණා. මම දැනුවත්ව ඉතිහාසයේ කවදාවත් එහෙම තනතුරු දීලා නැහැ. අවුරුදු 25 ක ඉදලා දන්න හින්දා තමයි එහෙම දුන්නේ. හේමසිරි මාව කෑමටත් ගෙදර එක්කන් යනවා. ”
ප්රශ්නය – ” එහෙම තිබ්බ පැණි වරකෙට හෙන ගැහුවේ කවදාද ? ”
පිළිතුර – “අප්‍රේල් 21 ප්‍රහාරය. එවකට පොලිස්පතියි ආරක්ෂක ලේකමුයි මේකට වගකියන්න ඕනේ. ප්‍රහාරය පිළිබද පෙර ලද බුද්ධි තොරතුර නොසළකා හැරලා තමයි මේ දේ වුණේ. මේකේ ලොකුම වේදනාව තියෙන්නේ මට. කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. මම රටේ අප්‍රසාදයට පත්වුනේ මගේ ධුරකාලයේ මේ සිදුවීම වුණ හින්දයි. වෙන රටවල් වලත් ඕන තරම් මේ වගේ දේවල් වෙනවා. එහෙම වුණයි කියලා ජනාධිපති වගකීම භාරගන්නේ නැහැ. රටක ත්‍රස්තවාදය තියෙනවානම් එක මර්දනය කිරීම ආරක්ෂක අංශ වල වගකීමක් ”
ප්රශ්නය – පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලීම් කාන්තාවන් නිකාබය ඇදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ත්‍රිවිධ හමුදාපතිවරුන් ජාතික ආරක්ෂක කවුන්සලයට යෝජනා කළ අවස්ථාවේ එම යෝජනාවට විරුද්ධ වුනේ කවුරුන්ද.
පිළිතුර – එවකට සිටි යුද හමුදාපතිවරයා නිකාබය තහනම් කිරීමේ යෝජනාවක් ජාතික ආරක්ෂක කවුන්සලයට ඉදිරිපත් කර තිබු අතර එයට ආරක්ෂක මණ්ඩලයේ සියළු දෙනා එකග වුවද, එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඊට විරුද්ධ වුණා. අගමැතිවරයා නිකාබය තහනම් කිරිමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේදිත් විරුද්ධ වුණා. එවකට පැවති ද්විපාර්ශ්වික රජයේ ආණ්ඩුව තුළ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් තමයි මුස්ලීම් නායකයින් නියෝජනය වුණේ. එයාලා විරුද්ධයි කියලා තමයි අගමැති විරුද්ධ වුණේ. ඒ වෙනකොට සුළුතර ආණ්ඩුවක් තිබ්බේ. මෙවැනි යෝජනාවක් ගෙනල්ලා ඒකට මුස්ලීම් ඇමතිවරු විරුද්ධ වෙලා ආණ්ඩුවෙන් ඉවත්එවුනොත් ප්‍රශ්නයක් වෙයි කියලා රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා. යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.