කසළ තේ කිලෝග්රෑම් 5,580ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිරන්තරයෙන්ම කසළ තේ හමුවන උඩුනුවර වෙලම්බොඩ ප්රදේශයේදී.
ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් මෙම කසළ තේ තොගය අත්අඩංගුවට ගත්තේ වෙලම්බොඩ වටදෙණිය ප්රදේශයේදීයි. ගම්පොළ තේ මණ්ඩල කාර්යාල නිලධාරීන්ගේ සහායද ඊට ලැබී තිබුණා. වෙලම්බොඩ පොලීසිය මඟින් මෙම ප්රදේශයන්හි පසුගිය කාලයේ දිගින් දිගටම කසළ තේ අත්අඩංගුවට ගැනීම් සිදු කළා. එහිදී කසළ තේ ජාවාරම්කරුවන්ගේ තර්ජනවලට මුහුණදීමට ද පොලිස් නිලධාරින්ට සිදු වුණා. කෙසේ වෙතත් තවදුරටත් වැටලීම් සිදු කරන බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් කසළ තේ සහ සැකකරු ඉදිරි විමර්ශන සඳහා වෙලම්බොඩ පොලිසියට භාරදීමට ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කළා.