බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට එරෙහි විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
එරට අගනුවරට රැස් වූ පනස් දහසකට අධික පිරිසක් විරෝධතා සඳහා එක්ව සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. විරෝධතාකරුවන් පාලනයට කැරළි මර්දන ඒකක යොදවා තිබෙනවා. මේ වන විට තුන්සියයකට අධික පිරිසක් අත්අඩංගුවට පත්ව සිටිනවා. පසුගිය අගෝස්තු මාසයේ පැවති ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා අයථා ලෙස තම බලය භාවිත කරමින් නැවත වරක් ජනාධිපති ධූරයට පත්වූ බවට චෝදනා කරමිනුයි විරෝධතා පැවැත්වෙන්නේ. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ.