fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඨලීගේ රියදුරා ලක්ෂ 4 ක බැඳුම්කරයක් මත මුදා හැරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2020 14:17

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර යන අය රුපියල් ලක්ෂ හතරක අමතර බැදුම්කරයක් මත මුදා හැරුණා.

අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබූ මොහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවයි මෙලෙස බැදුම්කරයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළේ. 2016 වසරේ රාජගිරිය ප්‍ර දේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින දිලුම් තුසිත කුමාර යන අය ඉකුත්දා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඉන් අනතුරුවයි ඔහුට වරෙන්තු නිකුත් කෙරුණේ. මෝසමක් මගින් භාර වීමෙන් පසු අදාළ වරෙන්තුව ආපසු කැදවීමට මහාධිකරණ විනිසුරුවරයා අද නියෝග කළා. මෙම රිය අනතුරෙන් සන්දීප් සම්පත් නැමති තරුණයා බරපතල තුවාල ලැබුවා. සිද්ධියට අදාළව නීතිපතිවරයා චම්පික රණවක මහතා ඇතුළු කිහිප දෙනෙකුට අධි චෝදනා ගොනුකර තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2020 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්