කොරෝනා වයිරසය ආසාදනය වී සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අද දිනය ඇතුළත රෝහලෙන් පිටව යා හැකි බව ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා සඳහන් කරනවා.
මේ වන විට ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවයි ඔහුගේ වෛද්‍යවරයා සඳහන් කරන්නේ. ජනාධිපතිවරයාට ඔහුගේ සුපුරුදු රාජකාරී කටයුතු ඉතා ඉක්මනින් ධවල මන්දිරයේ සිට සිදු කිරීමට හැකි බව ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා මාධ්‍යට පවසා සිටියා.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් නිල රථයේ නැගී ආධාරකරුවන්ට ආචාර කරමින් ගමන් කළ බවයි වාර්තා වන්නේ. ඔහුට ඉක්මන් සුවය පතා රෝහල අසලට රැස්ව සිටින ආධාරකරුවන්ට ස්තූතිය පළ කිරීම සඳහායි ඔහු මෙලෙස රෝහලෙන් පිටතට පැමිණ තිබෙන්නේ. ඔහු ගමන්ගත් රථයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද සිටින ආකාරය දක්නට ලැබුණ අතර ජනාධිපතිවරයා අන් අයගේ ජීවිතවලට ද අනතුරු දායක අයුරින් හැසිරෙන බව විචාරකයින් පවසනවා. ඔහුගේ මෙම ක්‍රියාව සෞඛ්‍ය අංශවල ද දැඩි විවේචනයට ලක්වුණා. ධවල මන්දිරය තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි ජනාධිපතිවරයා ඔහුගේ සිරුරේ ඔක්ෂිජන් මටට්ම පහළ යාම හේතුවෙන් සෙනසුරාදා දිනයේදී හදිසියේම රෝහල්ගත කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ.