fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වගා ලිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2020 11:31

නිවාස හා වගාවන්ට හානි සිදුකරමින් කලහකාරී ලෙස හැසිරුණු වන අලියෙකු අවසානයේ වගා ලිඳකට වැටී සිටියදී මහත් පරිශ්‍රමයෙන් ගොඩගත් පුවතක් අපට වාර්තා වනවා.

නවගත්තේගම ප්‍රදේශයේ ගම්මාන රැසක ජන ජීවිතවලට  මෙම වන අලියාගෙන් බලපෑම් එල්ලවුණා. කන්කොටා නමින් හඳුන්වන වන අලියා නවගත්තේගම රඹකනයාගම ගම්මානයේ වගා ලිදකට වැටී සිටියා. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව වනජීවී නිලධාරීන් පිරිසක් පැමිණ අලියා ගොඩගැනීමට කටයුතු කළා. පශු වෛද්‍යවරුන් ද ඊට එක්වුණා. උස අඩි නවයක් පමණ වන මෙම වන අලියා ගොඩගන්නා ආකාරය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියා. රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ද ඒ අතර වුණා.

 

 

 

 

 

 

 

*** අශෝකා/ අමාරනන්ද/ රුවන්තිකා/ 9.23

ස.නිෂ්පාදක නම  –                                         කාලය –

NLE අධීක්‍ෂක-                          සංස්කරණ අධීක්‍ෂක-                    පූර්ණ අධීක්‍ෂක-

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2020 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්