fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා පාලනය කරඇති තත්ත්වය අනුව ලොව රටවල් වර්ගීකරණයකට ලක්කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2020 13:49

කොරෝනා වයිරසය පාලනය කරඇති තත්ත්වය අනුව ලොව රටවල් වර්ගීකරණයකට ලක්කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ජිනීවා නුවර පැවති විශේෂ හමුවක් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් මේ බව ප්‍රකාශ කළා. නව්‍ය කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට මිලියනයකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. වයිරසය සදහා නව එන්නතක් සොයා ගන්නාවිට එම සංඛ්‍යාව මිලියන දෙක දක්වා ඉහළ යා හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කොරෝනා වයිරසය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වූ රටවල්,  වයිරසය පාලනය කරමින් සිටින රටවල් සහ වයිරසය මනා ලෙස කළමනාකරණය කළ රටවල් ලෙස වර්ගීකරණය කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව දරිද්‍රතාවයෙන් යුත් දැඩි බලපෑම් එල්ල වූ රටවලට ලබාදෙන සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීමට හැකිවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2020 13:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්