fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත මහමැතිවරණය ලබන 17 වනදා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2020 10:44

නවසීලන්ත මහමැතිවරණය ලබන 17 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව එරට රජය පවසනවා.

ඡන්ද මධ්‍යස්ථාන 450 ක් පිහිටුවා තිබෙනවා. කෙසේ වුවද එම මධ්‍යස්ථානවල ඡන්ද දායකයන්ට අදාල දිනයට පෙර ගමන් කර සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඒ අනුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ඕක්ලන්ඩ්හිදී  අද සිය ඡන්දය ප්‍රකාශ කළා. නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නවසීලන්ත මැතිවවරණය මීට පෙර   පැවැත්වීමට කටයුතු කර තිබුණද අවස්ථා ගණනකදී එය කල් දැමුණා.

කෝවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කරගත් රටවල් අතරට නවසීලන්තයද එක්ව තිබෙනවා. ඒ හේතුවෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් එරට ජනතා ආකර්ෂණය දිනාගෙන සිටින බවයි  විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2020 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්