fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාස 608 කින් යුත් බොරැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වැනිදා විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2020 10:49

රාජ්‍ය සේවකයන් සදහා ඉදිකළ බොරැල්ල වනාතමුල්ල ඕවල් වීව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘතිය අනිද්දා (05) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා.

නිවාස 608 කින් යුත් මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණේ 2014 වසරේදීයී. ඒ එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. ව්‍යාපෘතිය සදහා වැය කෙරුණ මුදල රුපියල් මිලියන 5500 ක් වනවා.නිදන කාමර 03 කින් සමන්විත නිවාස 304 ක් හා නිදන කාමර 02 කින් සමන්විත නිවාස 304 ක් ව්‍යාපෘතියට ඇතුළත්.

මෙය තට්ටු 25 කින් සමන්විත නිවාස සංකීර්ණයක්. රථ ගාලක් ළමා උද්‍යානයක් ,  ව්‍යායාම මධ්‍යස්ථාන 02 ක්, වෙළද සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් මෙය සමන්විතයි.

රාජ්‍ය අංශයේ වසර 15 කට අධික කාලයක් සේවය නිරත අයට මෙහි නිවසක් ලබාගැනීම සදහා ඉල්ලුම් කළ හැකියි.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2020 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්