හැමිල්ටන් ඇල හරහා නව පාලමක් ඉදි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 35 ක්.
නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ නාත්තණ්ඩිය ප්‍රදේශයේ විශාල පිරිසක් හැමිල්ටන් ඇල හරහා පාලමක් නොමැති කමින් පීඩාවට පත්ව සිටියා. පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පාලම ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළා.
දිගින් මීටර් 22 ක් හා පළලින් මීටර 5.5 ක් වන මෙම පාලමේ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවයි. රජය ගත් ක්‍රියාමාර්ගයට ජනතාව ප්‍රසාදය පළකර සිටිනවා.