නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් 182 නෙකු තම නිවෙස් බලා පිටව ගියා.
වව්නියාව වේලාන්කුලම් ගුවන් හමුදාකදවුරේදී දින 14 ක නිරෝධායනය අවසන් කළ පිරිසකුයි මෙසේ තම ගම්බිම් බලා පිටව ගියේ. ජෝර්දානය සහ කුවේට් යන රටවල සිට මෙරටට පැමිණි මෙම පිරිස ගාල්ල, මහනුවර, මඩකලපුව හා කොළඹ, පදිංචිකරුවන්.
වන්නි ගුවන් හමුදා කදවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමදෝරු ඉන්ද්‍රජිත් වීරසූරිය මහතාගේ අධීක්ෂණයට යටතේ මෙම කටයුතු සිදු කෙරුණා.