fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

20 එරෙහි පෙත්සම් විභාගය තුන්වන දිනටත් ඇරඹේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2020 11:33

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබද විභාගය තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) ආරම්භ වුණා.

විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 39 ක්. අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෘෘ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරුන් තවදුරටත් සිය දේශන ඉදිරිපත් කරමින් සිටිනවා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අවධාරණය කළේ යෝජිත පනත් කෙටුම්පතේ 23 වගන්තිය තුළින් මාධ්‍ය නිදහසට දැඩි බාධා එල්ලකරන බවයි.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සදහා මැදිහත්වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා නිමල් සිරිපාල ද සිල්වා,  ගාමිණි ලොකුගේ,  මහාචාර්ය ජී එල් පීරීස් යන අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්,  පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ,  එම් දයාරත්න,  ඩබ්ලිව් ඒ ඩී වීරතිලක,  පී ජී ඩී අබේරත්න යන අය අතරමැදි පෙත්සම් ඉදිරිපත්කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2020 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්