කාන්තාවක් සමූහ දූෂණයට ලක්ව මිය යාමේ සිද්ධියට විරෝධය දක්වමින් පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගි වූ රාහුල් ගාන්ධි ඇතුළු ගාන්ධි පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොන්ග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. දූෂණයට ලක්වූ කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු පසුගියදා මිය ගිය අතර සිද්ධියට විරෝධය දක්වමින් රටපුරා උද්ඝෝෂණ ආරම්භ වූවා.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළද පොලිසිය තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ බවයි උද්ඝෝෂකයින් සදහන් කරන්නේ.