fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2020 09:18

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදීයි.

කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පන්සියයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවයි වැටලීම සිදුකෙරුනේ. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මීගමුව පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සමඟ ගල්කිස්ස,  බොරුපන ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකළා. සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.

ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2020 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්