fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා රාජ්‍ය ලේකම් පාප් වහන්සේ හමුවීම සඳහා කළ ඉල්ලීම වතිකානුව බැහැර කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 17:39

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පාප් වහන්සේ හමුවීම සදහා කළ ඉල්ලීම වතිකානුව බැහැර කර තිබෙනවා. වතිකානුව වැඩිදුරටත් පවසන්නේ මැතිවරණ කාලයක දී පාප්තුමාට දේශපාලනඥයන් සමග ගණුදෙනුවක් නොමැති බවයි. චීනය සහ කතෝලික පල්ලිය සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෑතකදී පලකළ අදහස් රාජ තාන්ත්‍රික වශයෙන් වතිකානුව හා ඇමෙරිකාව අතර උණුසුම් තත්ත්වයක් ඇති කර තිබුණා. මේ මස මුලදී පොම්පියෝ කියා සිටියේ බිෂොප්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් චීනය සමග ඇතිකරගත් ගිවිසුම අළුත් කිරීම මගින් කතෝලික පල්ලිය සිය සදාචාරාත්මක අධිකාරිය අවදානමට ලක් කරමින් සිටින බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්