fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්‍ෂ 30 ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු මීගොඩදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 13:55

රුපියල් ලක්‍ෂ 30 ක කේරළ ගංජා සමග සැකකරුවෙකු මීගොඩ උඩගේවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක කහටදෙණිය මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුණා. මීගොඩ උඩගේවත්ත ප්‍රදේශයේ නිවසක රහසිගතව මෙම ගංජා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. ගංජා කිලෝග්‍රෑම් 17 ක් හා ග්‍රෑම් 305 ක් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 13:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්