එච්.අයි වී ආසාදනය වී සුවය ලැබූ ලොව පළමු පුද්ගලයා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මිය ගියා.
54 හැවිරිදි තිමති රේ බ්‍රවුන් 1996 වසරේදී එච්.අයි වී ආසාදිතයකු බව හදුනාගෙන තිබුණා. 2007 වසරේදී ඇමෙරිකාවේ රෝහලකදී ඔහු සුවය ලැබුවා. ඒ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම සමග සිදු කළ අඛණ්ඩ ප්‍රතිකාර හේතුවෙන්. ඔහු සුවය ලැබූයේ ලොව පුරා එච්.අයි වී ආසාදිතයින් හට සිය ජීවිතය පිලිබද බලාපොරොත්තුවක් එක්කරමින්. කෙසේ නමුත් පිළිකාවක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් දැනුම් දී තිබෙන්නේ.