fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිනහවෙන් රට පින වූ ටෙනී කඳුළින් සමුදෙන දිනය අදයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 11:57

සුවහසක් ප්‍රේක්ෂක සිත්සතන් ප්‍රහසන කලාවෙන් පිනවාලූ ප්‍රවීන කලාකරු ටෙනිසන් කුරේ ජනප්‍රිය රංගධරයාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද (01) පස්වරුවේ  මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී පැවැත්වෙනවා.

පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනිසන් කුරේ රංගන ශිල්පියා රෑ දනියෙල් දවල් මිගෙල්,  චෙරියෝ ඩාලින්,  කොළොම්පූර්,  පාර්ලිමන්ට් ජෝක්ස්,  සොමි බෝයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා. එමෙන්ම වේදිකා නාට්‍යය රැසකට මෙන්ම චිත්‍රපට පිටපත් රචනයෙන්ද ඔහු සිය දක්ෂතා ප්‍රදර්ශනය කළා.

ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මැතිඇමතිවරුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2020 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්