බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැළසුම් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදී ඇත්තේ. ගුවන්තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේ ආරම්භ වූ අතර 2017 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර තිබුනා.ඉදිකිරීම් කල්ගත වීම නිසා පැරණි සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැලපෙන බවයි ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දී තිබුණේ.
2023 වසරට ගැලපෙන පරිදි සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් ලෙස එය සංවර්ධනය කළ යුතු බවයි ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේ. කොවිඩ් වසංගතය සමග ඇති වූ අහිතකර තත්ත්වයන්ට මුහුණ දීම පිලිබද දීර්ඝ වශයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.
දෙවන පර්යන්තයේ ඉදිකිරීම් අවසන් වීමත් සමග ගුවන් මගීන් මිලියන 15 කට වැඩි සංඛ්‍යාවකට සේවා සහ මෙහෙයුම් පහසුකම් හිමිවනවා. ඊ – ගේට් පහසුකම ඔස්සේ මගීන් වෙත කාර්යක්ෂම සේවාවාක් සැපයීමට නියමිතයි. මත්තල ගුවන්තොටුපලේ සිට සතියකට ගුවන් වාර 07 ක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන්සේවය සැළසුම් කර ඇති බවද මෙහිදී සදහන් කෙරුණා.