ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොණු කර ඇති පෙත්සම් විභාගයේ වැඩිදුර විභාගය හෙට (02) දක්වා කල්දමා තිබෙනවා.
ඊයේ (30) රාත්‍රි 7.20 දක්වා නඩු විභාගය පැවති බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඒ අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ.
එහිදී පෙත්සම් 32 ක් වෙනුවෙන් පෙනී සිටි නිීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරිම අවසන් වුණා. ඉතිරි පෙත්සම් පිලිබද හෙට කරුණු දැක්වීමටයි නියමිත.