මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කරයි
Related Articles
මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ඉදිරි මාස පහ තුළ අවසන් කරන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
අධිවේගී මාර්ග මෙරටට හදුන්වා දීම සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිදුරය දැරූ වකවානුවේදි. දක්ෂිණ අධිවේගි මාර්ගය මෙන්ම කටුනායක අධිවේගි මාර්ගය හා පිටත වටරවුම් මාර්ගය ඒ අනුව ඉදි කෙරුණා. මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වුවද පසුගිය වසර පහක කාලය තුළ එහි කටයුතු අඩාලව පැවතියේ යහපාලන රජයේ විවිධ දුර්වලතා හේතුවෙන්. එහි කටයුතු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත යළි ආරම්භ කිරීමටයි මේ වනවිට පියවර ගෙන ඇත්තේ. මධ්‍යම අධිවේගි මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් සදහා වූ එහි මූලික අත්තිකාරම් මුදල වන රුපියල් බිලියන දාසයයි දශම හයයි හතක මුදල අදාළ කොන්ත්‍රාත් සමාගම වෙත පසුගිය විසි පස් වෙනිදා ලබාදීමටයි කටයුතු කෙරුණේ. කිලෝ මීටර් තිස් හයයි දශම පහයි හතරක දුරින් යුත් කඩවත මීරිගම කොටස මංතීරු හතරකින් සමන්විතයි.
පළල මීටර් විසි හතරයි දශම හතරක් වන එම මාර්ගය සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන එකසිය පනස් අටක්. මධ්‍යම අධිවේගි මාර්ගය කොටස් හතරකින් සමන්විත වනවා. පළමු කොටසට අයත් වන්නේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසයි. දෙවන කොටසට කිලෝමීටර් හතලිහයි දශම නවයයි එකකින් සමන්විත මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ඇතුලත්. පොතුහැර සිට ගලගෙදර දක්වා වූ තුන්වන කොටස කිලෝ මීටර් තිස් දෙකයි දශම පහකින් සමන්විත වනවා. කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ හතරවන කොටසට අයත් දුර ප්‍රමාණය කිලෝමීටර් හැටයි දශම තුනක්. උඩහමුල්ල සිට මාදිවෙල දක්වා වූ කොටසේ ඉදිකිරීම් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.