කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් කටාන අක්කර පනහ ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ මෙම නිවසට ඇතුළු වී කොල්ල කෑම සිදුකර තිබෙනවා. පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීට සම්බන්ධ බවයි හෙළි වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.