fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායකගේ ජනහමුවකට ගල් ගැසූ දෙදෙනා රිමාන්ඩ් (VIDEO)

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 19:37

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති ජනහමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්  දෙදෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන් ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

මේ අතර ප්‍රහාරය එල්ල කළ ගල්, මුල්ගල ලෙස භාවිත කරමින් රත්මලාන ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ඉදිකරන බවයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී සදහන් කෙරුණේ.

මෙම ජන හමුව පැවැත්වුණේ රත්මලාන කොතලාවලපුර රණසිංහ ප්‍රේමදාස මහල්නිවාස සංකීරණය ඉදිරිපිටදීයී.

එසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනහමුව පැවති භූමියෙන් විපක්ෂ නායකවරයා ඉවත් කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂක අංශ පියවර ගත්තා.

කෙසේ වෙතත් අද අලුයම වන විටත් ගල්කිස්ස පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. තවත් අයෙකු පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අවුරුදු 21 හා 40 යන වයස්වල පුද්ගලයන්. රෂ්ටම්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් බීමතින් සිට ඇති බවටද හෙළිව තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසු ලබන 07 වනදා දක්වා ඒම පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 19:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්