fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරෙන්තුකාර නිශාන්ත සිල්වාව ලංකාවට දෙන්න එපා කියන ජිනීවා මානව හිමිකම

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 18:46

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් වලකින ලෙස ජීනිවා මානව හිමිකම් කවුන්සලය ස්විස්ටර්ලන්ත රජයට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව තිබූ වැදගත් ලිපි ලේඛන රැසක් මොහු මානව හිමිකම් කවුන්සලයට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මෙරටට රැගෙන ඒම සදහා  ස්විස්ටර්ලන්ත බලධාරීන් සමග රජය සාකච්ඡා කර තිබෙනවා. ස්විස්ටර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති පිටුවහල් කිරීමේ ගිවිසුම යටතේයි මෙම ඉල්ලීම කර තිබෙන්නේ.

හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ට බරපතළ අපරාධ චෝදනා එල්ල වී ඇති බව රජය ස්විස්ටර්ලන්ත බලධාරීන්ට සාක්ෂි සහිතව පෙන්නුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා. ඔහු ස්විස්ටර්ලන්තයට පැණ ගියේ වැඩබලන පොලිස්පතිවරයාගේ අවසරයකින් තොරව බවද රජය ස්විස් බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා. මේ වනවිට ඔහු වරෙන්තුකරුවෙක්.

ස්විස් සංක්‍රමණික නීතිය යටතේ නිශාන්ත සිල්වා පිටුවහල් කිරීම නීති විරෝධි බව මානව හිමිකම් කවුන්සලය ස්විස් රජයට දැනුම්දී තිබෙනවා. මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව පිළිබද සිදුකරන විමර්ශනවලදී නිශාන්ත සිල්වා වැදගත් සාක්ෂිකරුවෙකු බවද එම කවුන්සලය වැඩිදුරටත් දන්වා ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්