ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව
Related Articles
සුවහසක් ප්‍රේක්ෂක සිත්සතන් ප්‍රහසන කලාවෙන් පිනවාලූ ප්‍රවීන කලාකරු ටෙනිසන් කුරේ ජනප්‍රිය රංගධරයාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වූවා. දේහය පිළිබද අවසන් කටයුතු මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනිසන් කුරේ රංගන ශිල්පියා රෑ දනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොළොම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස්, සොමි බෝයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා. එමෙන්ම වේදිකා නාට්‍යය රැසකට මෙන්ම චිත්‍රපට පිටපත් රචනයෙන්ද ඔහු සිය දක්ෂතා ප්‍රදර්ශනය කළා. ටෙනිසන් කුරේ මහතාගේ දේහය තැන්පත්කර ඇති මොරටුමුල්ල විල්ලෝරාවත්ත නිවස වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේහයට අවසන් ගෞරව දැක්වූවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පවුලේ ඥාතීන්ට සිය ශෝකය ද පළකළා. විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලනඥයින් රැසක් ද ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු කලා කරුවන් රැසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.