fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට ජාතික උරුමයන් බවට පත් කළ යුතු ස්ථාන හඳුනා ගැනීමට විද්වත් කමිටුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 17:47

මෙරට ජාතික උරුමයන් බවට පත් කළ යුතු ස්ථාන හඳුනා ගැනීමට විද්වත් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. බදුල්ල ආරුක්කු 09 පාලම ජාතික උරුමයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා  වැඩිදුරටත් පවසන්නේ.

දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ආරුක්කු 09 පාලම බ්‍රිතාන්‍යය පාලන සමයේ ඉදිකළ විශ්මිත නිර්මාණයක් ලෙසයි සැළකෙන්නේ. වසර 103 ක් පැරණි මෙම පාලම මඩවගුරක්, කලුගලින් පුරවා එම අත්තිවාරම මත ආරුක්කු 09 කින් යුක්තව ඉදිකර ඇත්තේ අඩි 300 ක් පමණ උසකින් යුක්තවයි. මෙම පාලම ජාතික උරුමයක් ලෙස නම් කරන්නැයි බොහෝ පිරිස් වරින් වර ඉල්ලීම් කර තිබුණා. එය සැලකිල්ලට ගනිමින් දෙමෝදර පාලම හෙවත් ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් ලෙස නම් කිරීම කෙරෙහි ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්