මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම රජයේ ප්රමුඛ ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අධ්‍යාපනය මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කිරීමද වත්මන් අවශ්‍යතාවක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
කොළඹ හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගිවෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. අධ්‍යාපන හා විෂය සමගාමී කටයුතුවල දක්ෂතා දැක්වූ සිසුදරුවන්ට අග්‍රාමාත්‍යවරයා අතින් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමුණා. හින්දු විද්‍යාලීය සගරාව සහ සමරු තිළිණය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සිදුකෙරුණා.
මේ අතර ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ 40 වන වාර්ෂික සුහද හමුවට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. මෙම සංමයේ නව සභාපති ලෙස තිලක් වීරසිංහ මහතා පත් කිරීම මෙහිදී සිදුකෙරුණා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/gC5lP4rIvtg”]