fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ අන්තර්ජාල පරිශීලකයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 15:58

චීනයේ අන්තර්ජාල පරිශීලකයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

මේ වන විට එරට සමස්ථ අන්තර්ජාල පරිශීලකයින්ගේ සංඛ්‍යාව මිලියන 940 ක් බවයි එරට අන්තර්ජාල තොරතුරු මධ්‍යස්ථානය සදහන් කරන්නේ. කෙසේ වුවද චීනය තුළ අන්තර්ජාල පහසුකම් පවතින්නේ මුළු ජන ගහණයෙන් සියයට 67 කට පමණයි. අන්තර්ජාල පහසුකම් සතු සියයට තිහයි දශම හතරක් දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් වනවා. සමස්ථ අන්තර්ජාල පරිශීලකයින්ගෙන් මිලියන 932 ක් තම ජංගම දුරකතන හරහා අන්තර්ජාලය  හා සම්බන්ධ වන බවයි එම සමීක්ෂණයේ දැක්වෙන්නේ.

අන්තර්ජාල පහසුකම් සතු පුද්ගලයින්ගෙන් සියයට 85 යි දශම හතක් මූල්‍ය ගණුදෙනු සදහා අන්තර්ජාලය භාවිතා කරන බව චීන අන්තර්ජාල තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

 

 

***විදුර /අසංක /03.25

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්