fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුදු ඇමරිකාවේ කලු විවාදය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 17:46

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පළමු සජීවී සංවාදය බාධාකිරීම් හා අපහාසයන් මධ්‍යයේ නිමාවට පත් වුණා.

මෑත ඉතිහාසයේ ජනතාව අතර වැඩිම අප්‍රසාදයකට පත් වූ ජනාධිපති අපේක්ෂක විවාදය මෙය බවයි විශ්ලේශකයින් පවසන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පිරවීම, කලු ජාතිකයින්ට සිදුවන අසාධාරණ හා සෞඛ්‍ය පද්ධතිය පිළිබද දෙදෙනා වාග් ප්‍රහාර එල්ල කරගන්නා ආකාරය සජීව විකාශය අතරතුරදී දක්නට ලැබුණා. ජනාධිපති ට්‍රම්ප්, ජෝ බයිඩන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අඛණ්ඩව බාධා සිදුකළ අතර වැඩසටහනේ නිවේදකයා දැඩි අපහසුතාවයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ. විවාදය මධ්‍යයේ ජෝ බයිඩන් විසින් ජනාධිපතිවරයාට නිශ්ශබ්දව සිටින ලෙස බැනවදින ආකාරය ද සජීවීව ලොව පුරා මිලියන ගණන් ප්‍රේක්ෂකයින්ට දැකගත හැකිවුණා. තමා සුදු ජාතිකයන්ගේ අධිපතිවාදය වෙනුවෙන් පෙනී සිටින බවද  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී සදහන් කර සිටියා. කෙසේ වුවද අපේක්ෂකයින් දෙදෙනා අතර තවත් සජීවී විවාද දෙකක් නොවැම්බර් තුන්වන දිනට පෙර පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2020 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්