මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් ඉදිරි මාස පහ තුළ අවසන් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මේ අතර උඩහමුල්ල සිට මාදිවෙල දක්වා මාර්ගයේ වැඩ දින දහයක් තුළ අවසන් කරන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කළේ උඩහමුල්ල සිට මාදිවෙල දක්වා වූ මාර්ග කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණයට එක් වෙමිනුයි.
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වසරකට ආසන්න කාලයක් මෙම ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතිනවා. කිලෝමීටර් එකයි දශම දෙකකින් සමන්විත මෙම මාර්ගයේ ඉදිකිරීම් මන්දගාමීව සිදුවීම පිළිබද ජනාධිපතිතුමා ද තමන් වෙත දැනුම් දුන් බවයි අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/M9an1GIDCe4″]