රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබද විභාගය දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 39 ක්.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරුන් අද (30) දින තවදුරටත් සිය දේශන ඉදිරිපත් කරනවා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් අවධාරණය කළේ යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන සිතීමේ නිදහස නමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම් සිදුවන බවයි. එමෙන්ම පුරවැසියන් සතු තොරතුරු දැනගැනීමේ අයිතියට ද අහිතකර ලෙස බලපෑම් එල්ලකරන තත්ත්වයක් පවතින බවයි ප්‍රකාශ කෙරුණේ. පනත් කෙටුම්පත් සෘජුවම ජනතා පරමාධිපත්‍ය සමග ගැටෙන බැවින් එය සම්මත කිරීමට ජනමත විචාරණයක් සදහා යොමුකළ යුතු බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා ගුරු සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතීඥවරුන්, සිවිල් පුරවැසියන්, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙනවා.
ඊට අමතරව පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සදහා මැදිහත්වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී එල් පීරීස් යන අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ, එම් දයාරත්න, ඩබ්ලිව් ඒ ඩී වීරතිලක, පී ජී ඩී අබේරත්න යන අය අතරමැදි පෙත්සම් ඉදිරිපත්කර තිබෙනවා.