fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලැව්ගිනි නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් කර්මාන්තය කඩා වැටෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 15:48

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වයින් කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කරනවා. ලැව් ගිනි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 26  ක්.

මේ වනවිට කැලිෆෝනියා ප්‍රාන්තය තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. ලැව්ගිනි හේතුවෙන් වයින් නිෂ්පාදනය සදහා භාවිත කරන මිදි වගා භූමි අක්කර එකොළොස් දහසක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. නිෂ්පාදිත වයින් ගබඩාකර තිබූ ස්ථාන ද ගින්නට හසුව ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ. මේ වනවිටත් එම ප්‍ර දේශයෙන් දහස් ගණනක පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අගෝස්තු 15 වන දින ආරම්භ වූ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ වන භූමි ප්‍රමාණය අක්කර මිලියන තුනයි දශම හතකට අධික වන අතර නිවාස හත්දහසක් පමණ ද ගින්නෙන් සම්පූර්ණයෙන් විනානශ වී ඇති බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්