fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට පුනර්ජනනීය බලශක්ති වැඩසටහනට ඉතාලි රජයේ සහාය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 10:07

මෙරට පුනර්ජනනීය බලශක්ති වැඩසටහනට සහාය ලබාදීමට ඉතාලි රජය ඉදිරිපත්ව සිටිනවා.

ඉවතලන අපද්‍රව්‍ය සඳහා වානිජමය අගයක් ලබාදෙමින් එම අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීම තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාගත හැකි බවත් ඒ වෙනුවෙන් තම රටේ සහාය ලබාදීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මැනෙල්ලා මහත්මිය ප්‍රකාශ කළා. ඒ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ පැවති සාකච්ඡාවේදීයි.

ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්‍රයට ලාභදායී  පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු වෙමින් සිටින බැවින් කසළ වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන්ද අත්හදා බැලීම වඩාත් යෝග්‍ය වන බව තානාපතිවරිය මෙහිදී තවදුරටත් කියා සිටියා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රී ලංකා රජය තිරසර බලශක්තියට ප්‍රමුඛතාව ලබාදිය යුතු බැවින් අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාදාමය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක වන බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2020 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්