නිවාස 12 කින් රන් පවුම් 55 ක් සොරකම් කළ පුද්ගලයින් තුන් දෙනෙකු කාන්තන්කුඩියේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
කාත්තන්කුඩි, කරයම්පති ,මාවක්කුඩා ආදී ප්රදේශවල නිවෙස් කොල්ල කෑ මෙම සැකකරුවන් මෙසේ රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. කාත්තන්කුඩි පොලීසිය කළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. කොල්ලකෑමට යොදාගත් මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.